Recent Posts Widget

May 25, 2020

SriGift


ඊයේ(24) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1141 ක් දක්වා ඉහළ ‍‍ගොස් තිබේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 52 දෙනෙකු ඒ අනුව ඊයේ දිනය තුළ හඳුනා ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ හඳුනා ගැණුනු එම ආසාදිතයින්ගෙන් 49 දෙනෙකු කුවේට් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවයි.

ඉන් 42 දෙනකු මින්නෙරිය නිරෝධායන සිටි පුද්ගලයින් වන අතර අනෙක් 07 දෙනා ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් බව සඳහන්.

ඊයේ දිනයේ හඳුනා ගැනුණු අනෙක් ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙකු නාවික හමුදා සමාජිකයෙකු වන අතර අනෙක් පුද්ගලයා ඉන්දුනිසියාවේ සිට පැමිණ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වු සමස්ත කොව්ඩි නයින්ටීන් රෝගින් සංඛ්‍යාව 1141ක් වෙයි.

වෛසරය ආසාදනය වු රෝගින් 674 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් 458 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.


යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.