Recent Posts Widget

 ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙරට සාර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපායක් මෙරට රජය විසින් ක්‍රියාවට නැංවීම කඩිනම් අවශ්‍යතාවක් බව එම වාර්තාවේ සඳහන්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම වාර්තාවෙන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ අවදානම් කණ්ඩායම් සුරකිමින් දුප්පත්කම අවම කිරීම සඳහා සමාජ සුරක්ෂිත ක්‍රියාමාර්ග ද ගත යුතු බවයි. ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සඳහා බදු ඉහළ නැංවීම ද වාර්තාවේ නිර්දේශවලට ඇතුළත්.  මෙරට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් සිදු කර තිබෙන මෙම වාර්තාවේ ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදු වී ඇති බව පවසනවා.

සම්පූර්ණ  වාර්තාව මෙතනින්

 


ලක්මවට හෙටක් සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ සමාජ මාධ්‍ය වෙත මුදාහළ අලුත්ම වීඩියෝවක් ඔස්සේ පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණට තමා වෙහෙසවී වැඩකළත් නාම යෝජනා නොලද බවත් එසේ වැඩ කළ තමාට නාමයෝජනා ලබාදීමට නම්  තම සාරිය ගලවන්නැයි  ලේකම් ලෙස කටයුතු ‘මෝඩ යකා‘ නම් පුද්ගලයා යෝජනා කළ බවත් හෙළි කර සිටින්නීය.

තමන් සාරියකින් සැරසී සිටින විට සාරිය ඉවත්කර පෙන්වන ලෙසත් ලස්සන එවිට බවත් ඔහු අවස්ථා දෙක තුනකදී තවත් ‘වෙන්න සභාපති කෙනෙකු‘ සමග එක්ව පැවසූ නමුත් තමා තවමත් සාරිය පටලවා සිටින බවත් මෝඩ යකාගේ රෙදි ගැලවී ගිය බවත් කියා සිටින්නීය.මෙම සිද්ධිය නිසා ඔහුගේ පමණක් නොව නායකයාගේ පවා රෙදි ගැළවී ඇතැයි කියන්නීය.

ඇගේ කතාවේ වීඩියෝ කොටස මෙසේය.


 






बॉलीवुड के स्टार किड्स अपने माता-पिता की वजह से सुर्खियों में बने रहते हैं। पिछले कुछ समय से बॉलीवुड से नेपोटिज्म की बातें भी बाहर निकल कर आ रही हैं जिसका मतलब है कि बॉलीवुड में काबिलियत और स्ट्रगल करने वाले अभिनेताओं को मौका नहीं दिया जाता जबकि जो पहले से अभिनेता और अभिनेत्री बॉलीवुड से जुड़े रहे हैं उन्हीं के बेटों को आगे बढ़ने का मौका दिया जाता है इस नेपोटिज्म की वजह से काफी स्टार सेलिब्रिटी की किरकिरी भी हुई है। आज आपको बॉबी देओल के बेटे आर्यमान के बारे में बताते हैं जो दिखने में हूबहू धर्मेंद्र जैसे हैं। आर्यमान को देखकर धर्मेंद्र की जवानी के दिन याद आ जाते हैं।

2018 में पहली बार नजर आए थे आर्यमान देओल

बॉबी देओल के बेटे आर्यमान पहली बार आई आई एफ ए समारोह में अपने पिता के साथ नजर आए थे। आपको बता दें कि बॉबी देओल के दो बेटे हैं जिनमें एक आर्यमान देओल और दूसरा धरम देओल है। बॉबी देओल के बेटे आर्यमान बचपन से ही लाइमलाइट से दूर रहे हैं लेकिन पिछले दो-तीन वर्षों में उन्हें काफी बार देखा गया है और उनकी तस्वीरें भी काफी बार इंटरनेट पर देखने को मिली है इससे यह अंदाज लगाया जा सकता है कि शायद आने वाले कुछ समय में बड़े पर्दे पर भी आर्यमान को देखने का मौका मिले।

आर्यमान दिखने में है हूबहू धर्मेंद्र

जब बचपन से लाइमलाइट से दूर रहे आर्यमान पहली बार सोशल मीडिया पर अपने पोस्ट की तो काफी लोगों ने उन्हें धर्मेंद्र की कॉपी बताया। इनमें काफी ऐसे स्टार अभिनेता और खिलाड़ी हैं जिन्होंने आर्यमान के लुक की प्रशंसा की सचिन तेंदुलकर ने उनकी फोटो पर लिखा सुपरस्टार। आर्यमान सनी देओल के भतीजे हैं।

सनी देओल कर सकते हैं लॉन्च

सनी देओल ने कुछ समय पहले अपने बेटे को बड़े पर्दे पर लांच किया था। हालांकि यह फिल्म कुछ खास प्रदर्शन नहीं कर पाई। लेकिन फिर भी बड़े पर्दे पर लांच ने सनी देओल के बेटे करण देओल के लिए आगे का रास्ता खोल दिया है। फिलहाल आर्यमन देओल बड़े पर्दे पर कब दिखाई देंगे इसका पता नहीं है।

अभी आर्यमान पढ़ाई के लिए रह रहे हैं विदेश में

बॉबी देओल के बेटे आर्यमन देओल फिलहाल न्यूयॉर्क में बिजनेस मैनेजमेंट की पढ़ाई कर रहे हैं। हाल ही में कोरोना के चलते लोग डाउन लगा था और आर्यमान वापस भारत आए थे तब वह अपने दादा धर्मेंद्र से काफी सालों के बाद मिले। एक इंटरव्यू में बॉबी देओल ने बताया कि आर्यमान का जब मन होगा तब वह फिल्में कर सकता है और अगर नहीं चाय तो फिल्में करने का कोई दवाब नहीं है।

Pawan Arunita ने पहली बार Long Drive पर किया Quality Time Spend, लोगों ने दिया प्यार


hपवनदीप और अरुणिता ने टाइम स्पेंड लोगों ने दिया जबरदस्त यार जी हां दोस्तों इंडियन आईडल सीजन 12 के मंच पर हमने इस जोड़ी को काफी.

सोशल नेटवर्किंग साइट पर पवनदीप और अरुणिता की तस्वीर वायरल हो गई है काफी प्यार मिल रहा है क्यों दोस्तों पवन और अरुणिता मुंबई में है और

इंडियन आइडल में दोनो की केमेस्ट्री खूब दिखाई देती है जबकि अब तक दोनो ने अपने रिश्ते का खुल कर इजहार नही किया ही ।पर हमे इंडियन आइडल में दोनो प्यार में हो ऐसा दिखाया गया है

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඔහුගේ පියාගේ මැතිවරණ කටයුතු සඳහා මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළේ යයි ඔහුට චෝදනා එල්ලවී ඇත.

ඒ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා විසින් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ ඇරඹී තිබේ.

මාලක සිල්වා විසින් දුරකථන ඇමතුම් සහ එස්එම්එස් මාර්ගය මෙන් තර්ජනය කර ඇතැයි අදාල පැමිණිලිකරු වාර්තා කර ඇත.


අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.

සෞඛ්‍ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ රාජාංගනය යාය 1, 3 සහ 5 ප්‍රදේශවල මෙසේ සීමා පැන වූ බවයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර ආශ්‍රිතව වැඩි වශයෙන් ආශ්‍රිතයන් වාර්තා වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගත් බවද ඔහු සඳහන් කළේය.


උණවටුන උප දුම්රියපොල ස්ථානය අද දිනයේ තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට හබරාදුව ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔහු උණවටුන උප දුම්රියපොලේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව එම පියවර ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ උප දුම්රියපොල ස්ථානාධිපතිවරයා මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර, එහි වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුරේ සියලු ආශ්‍රිතයන් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම සියලුම ආඹ‍්‍රීතයන් ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනයට යොමුකර ඇති බවත් රෝගී ලක්ෂණ ඇති අය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් යුද හමුදාපතිවරයා කියා සිටී.

රට තුල ඔ්නෑම අවස්ථාවක කොරෝනා රෝගියෙකු හමුවුවහොත් වහා කඩිනම් ප‍්‍රතිචාර දැක්වීම සදහා බුද්ධි අංශ පැය 24 පුරා ස්ථානගත කර ඇතැයිද ඔහු පැවසීය.

පවතින තත්වය යටතේ කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන්ම පාලනයට යටත් කර අවසන් නිසා රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව ද ඔහු සඳහන් කළේ ය.

ඉදිරියේදී ඇතැම් ප්‍රදේශවල තවත් ආසදිතයන් කිහිප දෙනෙකු හමු වීමට හැකියාව ඇතත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග දැනටමත් මූලික වශයෙන්ම ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පල කලේය කන්දකාඩු කොරෝනා පොකුරේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී ප්‍රතිචාර දක්වමිනි.


වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව (07) නිවේදනය කළේය.

සෞඛ්‍ය අංශ පවසන්නේ, ඔහුට රෝගය ආසාදනය වූ මූලාශ්‍ර සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවය.

රැඳවියාගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් වන PCR පරීක්ෂණ ආරම්භ වී ඇති අතර එම ආශ්‍රිතයින් 174 දෙනෙකු නිරෝධායනයට ද යොමු කර තිබේ.

කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ඉකුත් මාර්තු 20 වැනිදා යොමු කළ රැඳවියෙකු එම කටයුතුවලින් පසු පොළොන්නරුව බන්ධනාගාරය වෙත භාරදී තිබුණේ ඉකුත් ජුනි 26 වැනිදාය.

අනතුරුව ඔහුව ජුනි 27 වැනිදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර තිබූ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂාවේදී කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන ඇත.

එම රැඳවියා ඇතුළු 40 දෙනෙකුගේ කණ්ඩායමක් කන්දකාඩුහි සිට වැලිකඩ බන්ධනාගාරය වෙත එවා තිබූ අතර ඔවුන් සියලු දෙනාම PCR පරීක්ෂාවට ලක් කිරීමේන් අනතුරුව මෙම ආසාදිතයා හදුනාගෙන ඇත.

පසුව ආසාදිතයා ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම සිද්ධියත් සමග වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් කැඳවීමද අද සිට දින නියමයක් නොමැතිව තාවකාලිකව නැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ආසාදිතයා සමග කන්දකාඩු හි සිටි ආශ්‍රිතයන් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ PCR පරීක්ෂණ ආරම්භ කර  ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

වැලිකඩ ආසාදිතයා සහ තවත් ආසාදිතයන් දෙදෙනෙකු අද හඳුනාගැනීමත් සමග මෙරට මුළු ආසාදිතයින් ගණන 2080 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් අතරින් අයෙක් ඉතියෝපියාවේ සිට මෙරටට පැමිණි අයෙකු වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකි.

ඒ අතර තවත් 38 දෙනෙකු ගතවූ පැය 24 තුළ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත ගණන 1955 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 114 දෙනෙකු පමණි.

904 ක් වූ සමස්ත නාවික හමුදා ආසාදිතයින් අතරින් සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 888 දක්වා ඉහළ ගියේය.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සාමාජිකයින් 16 දෙනෙකු පමණි.


වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තවහුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකි.

මෙම හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද බඳුන් කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.


2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය පාවා දුන්නේ යැයි එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනැයි ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් භාර දී තිබේ.

මෙම පැමිණිල්ල භාර දී ඇත්තේ සමාජවාදී තරුණ සංගමය හා සේවු ද ස්පෝට් සංවිධානය එක්වයි.

ක්‍රීඩාවන් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන අයට නීති මගින් කටයුතු කිරීමේ අවස්ථාව පසුගිය රජය විසින් සම්මත කර ඇති නව පනතක් අනුව ලැබී ඇත.

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෙළි නොවීම මත ඔහුට එරෙහිව පරීක්ෂණ කරන්නැයි මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.


කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේ නිවසක්තුල තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3 ක් සමගින් පුපුරණදුව්‍ය හා කලුකොටි සමරණ කොඩියක් ඇතුලු උපකරණ සමගින් කාන්තාවක් ඊයේ (05) රාත්‍රියේ ත්‍රස්ත විමර්ශන නිලධාරීන් හා පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කාන්තාව සිටි නිවසේ මීට පෙර දිනකදී දේශීය බෝම්බයක් සෑදීමට ගත් උත්සහයකදී එය පුපුරා යාමෙන් ඇයගේ ස්වාමිපුරුෂයා බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතරඒ පිළිබඳව වැඩි දුර පරික්ෂා කිරීමේදී නිවසේ සඟවා තිබූ අදාල බෝම්බ හා පුපුරණද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.

එහිදී නිවසේ තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3ක්, පුපුරණද්‍රව්‍ය තොගයක්, කලුකොටි දිනය සමරමු යනුවෙන් කොඩියක්, කලුකොටි සාමාජිකයෙකුගේ ඡායාරූපයක් ආදි වහයෙන් සොයාගෙන ඇත.

අනතුරුව නිවසේ සිටි 43 හැවිරිදි කාන්තාවද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් වශයෙන්ද සේවය කරන බවට තොරතුරු අනාවරණය කොට ගෙන ඇත.

කෙසේ වෙතත් බෝම්බ පිපිරුමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටින සාමාජිකයා හිටපු කොටි සාමාජිකයෙකු බවටද තොරතුරු ලැබී ඇති අතර අදාල බෝමබ නිශ්පාදනය කිරීමට හේතුව සෙවීම සඳහා ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් මේ වන විටත් පරික්ෂණයක් අරඹා ඇත.

සොයාගත් බෝම්බම හා පුපුරණද්‍රව්‍ය අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රී කිරීම සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහයද ලබාගන්නා බවට පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

Powered by Blogger.