2011 ෆයිනල් පාවා දීම : අරවින්ද තවත් කට නොවසයි.. රහස් රැසක් හෙළි කරයි.. ICC යට සාක්ෂි දෙයි..
2011 වසරේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන්නේ යැයි හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි තමන් ඉල්ලා සිටින බව එවකට ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කල අරවින්ද සිල්වා මහතා සඳහන් කරයි.
තවදුරටත් මෙම සිදුවීම ගැන තමන් කට වහගෙන නොසිටින බවට තීරණය කළ බවත් හිටපු ක්‍රීඩා ඇමති වරයාට මෙම ප්‍රකාශය කිරීමට වසර 09ක් ගත කිරීම ගැන තමන් පුදුම වන බවත් ඔහු පැවසීය.
හිටපු ඇමතිවරයා විසින් එල්ල කරන ලද චෝදනාව ඉරපතල එකක් බවත් ඒ ගැන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය වහා විමර්ශණයක් ආරම්භ කල යුතු බවත් එවන් පරීක්‍ෂණයකදී රහස් රැසක් හෙලි කරන්නට තමන් සූදානම් බවත් ඔහු සදහන් කලේය.
ස්වර්ණවාහිනිය සමගින් ඔහු මෙම අදහස් පල කලේය.


Post a Comment