Recent Posts Widget

June 28, 2020

SriGift

හෙරොයින් ජාවාරමේ නිරතවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් සතුව තිබි රුපියල් ලක්ෂ 311 කට ආසන්න මුදලක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් සිව්දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් පස්දෙනා රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවේ සිටින නිලධාරීන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම සහ බෙදාහැරීම් කටයුතු සඳහා ජාවාරම්කරුවන්ට උදව්කර ඇති බවයි.

ඔවුන් මේ වන විට විශාල මුදලක් උපයා ඇති අතර විශාල දේපළ ප්‍රමාණයක්ද මිලදි ගෙන ඇති බව පරීක්ෂණවලින් වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.