මා එක රැයකින් අලිමංකඩ හමුදාවේ දෙතුන් දාහක් මරා දැමුවා.. කිලිනොච්චියෙත් කී දාහක්ද.. මං හරි භයානකයි..- කරුණා අම්මාන්..
තමන් බොහොම දරුණු පුද්ගලයෙක් බවත් එනිසා එක රාත්‍රියකින් හමුදාවේ දෙතුන් දාහක් අලිමංකඩදී මරා දැමූ බවත් දෙමල එක්සත් නිදහස් පෙරමුණේ නායක හා එහි අම්පාර දිස්ත්‍රික් අපේක්ෂක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සඳහන් කරයි.
‘මේ පාරත් මහින්ද අගමැති තුමා මට කතා කළා අම්මාන් ඔබ මේ පාරත් ජාතික ලැයිස්තුවෙන් එන්න ප්‍රශ්නයක් නෑ මොකටද මහන්සි වෙන්නේ කියලා.
මම කිව්ව නෑ එහෙම නෙවෙයි දෙපාරක් ඔබතුමා දුන් අවස්ථාවට ස්තුතියි මේ පාර මම මගේ ජනතාවගේ වරම් ලබාගෙන දිනාගෙන ඔබතුමා ලඟට එන්නම් කියලා.
කාරතිව් සභාපති වරයා මා ගැන ප්‍රකාශයක් කර තිබුණා කරුණා අම්මා නං කොරෝනා වලට වඩා භයානකයි කියලා. ඒක ඇත්ත තමයි. එයා කියපු එක
කොරෝන ඇවිල්ල මැරුණේ නම දෙනෙක් විතරයි. අපි එක රැයකින් අලිමංකඩ දී හමුදාව දෙදහසක් තුන්දහසක් විතර මරා දැමුවා. තේරුනවනේ එයා කියපු එක හරි. කමක් නෑ කිලිනොච්චිවලත් කී දාහක්ද’ යයිද ඔහු එහිදී පැවසීය.


Post a Comment