Recent Posts Widget

June 20, 2020

SriGift


මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1950 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (19) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් තිදෙනාද සමඟයි.

කුවේට් සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට ඊයේ දිනයේ හදුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඊයේ දිනයේ හදුනාගත් අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායිසිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙකු බව සදහන්.

කෙසේවෙතත් මෙරට සමස්ත ආසාදිතයින්ගෙන් 1446 දෙනෙකු පූර්ණසුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 493 දෙනෙකු තවදුරටත් නේවාසිකවප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. 

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.