Recent Posts Widget

June 27, 2020

SriGift

ඊයේ (26) අළුයම පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවක දී "කැටවල පිටිගේ සම්පත්" නැමැති පාතාල කල්ලි සාමාජිකයා ජීවිතක්ෂයට පත්වුණි.

පොලීසිය පැවසුවේ, මියගිය පුද්ගලයා අපාරධ කල්ලිවල වෙඩික්කරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවය.

මොහු භාවිත කළ යතුරුපැදියේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාර්තාවක් කැඳවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

සංජීව සම්පත් නොහොත් කැටවල පිටිගේ සම්පත් නිට්ටඹුව දෙස සිට යතුරු පැදියකින් කොළඹ දෙසට ගමන්කරන බවට පෑලියගොඩ අපරාධ කොට්ඨාසට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයට යන පොලීසිය සැකකරු පැමිණි යතුරු පැදිය නැවැත්වීමට සංඥා කර තිබුණි.

පොලීසිය පැවසුවේ, අණ නොතකන සැකකරු යතුරු පැදිය ඉදිරියටම ධාවනය කළ බවය.

එය කැබ් රථයකින් ලුහුබඳින පොලිස් නිලධාරීන්ට සැකකරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ, මල්වතුහිරිපිටිය රබර්වත්ත පාර, පුවක්පිටිය ප්‍රදේශයේදීය.

එහිදී පොලිස් ප්‍රතිප්‍රහාරලින් තුවාල ලැබු යතුරු පැදිකරු ඇතුළත් කර ඇත්තේ මල්වතුහිරිපිටිය ප්‍රාදේශීය රෝහලටය.

එහිදී සැකකරු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය ප්‍රකාශ කළේය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 25 හැවිරිදි මීවිටිය, එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සංජීව සම්පත් නොහොත් කැටවල පිටිගේ සම්පත් නැමැත්තාය .

මොහු අපරාධ කල්ලිවල වෙඩික්කරුවෙක් ලෙස හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.

පොලීසිය පැවසුවේ, මියගිය පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි සාමාජික ගණේමුල්ල සංජීවගේ ගෝලයෙක් බවය.

මොහු 2018 වසරේ අගෝස්තු මස 28 වන දා කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුවක චූදිතයෙකි.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.