බෝම්බකරුවන් ප්‍රවාහනය සඳහා ආධාර හිටපු ඇමති රිෂාඩ් බදියුර්දීන්ගේ සොහොයුරාගෙන් - ප්‍රහාරකයින් සමග ඍජු සබඳතා පැවැත් වු බව තහවුරුවෙයි...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන බදියුදීන් මොහොමඩ් රියාජ් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් සමග ඍජු සබඳතා පවත්වා ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරනවා.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඔහු බෝම්බකරුවන් ප්‍රවාහනය සඳහා ආධාර සහ අනුබල දුන් බවට ද පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.
එසේම මොහොමඩ් රියාජ් පාස්කු පාස්කු ප්‍රහාරය සඳහා මුල්‍ය දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති බවද පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ඒ පිළිබඳව මේ වන විටත් විමර්ශන සිදු කරන බවත්, ඉතා ඉක්මනින් එම විමර්ශන අවසන් කළ හැකි වනු ඇති බවත්ය.
පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බදියුදීන් මොහොමඩ් රියාජ් මේ වන විට රහස් පොලීසිය විසින් රඳවාගෙන සිටින අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් කිරීමේ අරමුණින් තම සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන බව පවසමින් බදියුදීන් මොහොමඩ් රියාජ් වෙනුවෙන් ඔහුගේ බිරිඳ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කර තිබුණා.
Post a Comment