Recent Posts Widget

June 22, 2020

SriGift


ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල තරඟ පාවාදීම සම්බන්ධයෙන් ඉහළ අත්දැකීම් ඇත්තෙකු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඉඟි කර ඇත.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු ක‍්‍රිකට් නායකයා පෙන්වා දී ඇත්තේ තිලංග සුමතිපාල මහතා අදාල විෂය කරුණු සම්බන්ධයෙන් ඉහළ අත්දැකීම් ඇත්තෙක් බවයි.

එනිසා ඉදිරියේදී තොප්පි දාගැනීමට හෝ ප‍්‍රතිචාර දැක්වීමට පෙර ඔහු සමග අදාල කරුණු පරීක්ෂා කරන බව මහේල ජයවර්ධන සදහන් කර ඇත.

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදීමකට ලක් වූයේ යයි ඇතිව තිබෙන සාකච්චාව ගැන අදහස් පල කරමින් තිලංග සුමතිපාල මහතා මෑතකදී කියා සිටියේ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් කලබල වී ප්‍රකාශ දැක්වීමට යෑමෙන් අනවශ්‍ය තොප්පියක් දා ගැනීමක් හා සමාන වනු ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු නායක මහේල ජයවර්ධන මහතා මේ බව සඳහන් කර තිබේ.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.