බෝම්බ තුනක් සමගින් කළු කොටි කොඩි අත්අඩංගුවට..
කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේ නිවසක්තුල තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3 ක් සමගින් පුපුරණදුව්‍ය හා කලුකොටි සමරණ කොඩියක් ඇතුලු උපකරණ සමගින් කාන්තාවක් ඊයේ (05) රාත්‍රියේ ත්‍රස්ත විමර්ශන නිලධාරීන් හා පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල කාන්තාව සිටි නිවසේ මීට පෙර දිනකදී දේශීය බෝම්බයක් සෑදීමට ගත් උත්සහයකදී එය පුපුරා යාමෙන් ඇයගේ ස්වාමිපුරුෂයා බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතරඒ පිළිබඳව වැඩි දුර පරික්ෂා කිරීමේදී නිවසේ සඟවා තිබූ අදාල බෝම්බ හා පුපුරණද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.
එහිදී නිවසේ තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3ක්, පුපුරණද්‍රව්‍ය තොගයක්, කලුකොටි දිනය සමරමු යනුවෙන් කොඩියක්, කලුකොටි සාමාජිකයෙකුගේ ඡායාරූපයක් ආදි වහයෙන් සොයාගෙන ඇත.
අනතුරුව නිවසේ සිටි 43 හැවිරිදි කාන්තාවද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් වශයෙන්ද සේවය කරන බවට තොරතුරු අනාවරණය කොට ගෙන ඇත.
කෙසේ වෙතත් බෝම්බ පිපිරුමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටින සාමාජිකයා හිටපු කොටි සාමාජිකයෙකු බවටද තොරතුරු ලැබී ඇති අතර අදාල බෝමබ නිශ්පාදනය කිරීමට හේතුව සෙවීම සඳහා ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් මේ වන විටත් පරික්ෂණයක් අරඹා ඇත.
සොයාගත් බෝම්බම හා පුපුරණද්‍රව්‍ය අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රී කිරීම සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහයද ලබාගන්නා බවට පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.
Post a Comment