Recent Posts Widget

July 01, 2020

SriGift

නීතිවිරෝධී ලෙස ඇත් දළ දෙකක් ළග තබාගෙන සිටි කතරගම මහ දේවාලයේ කපු මහතෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා කතරගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගේ බුද්ධි තොරතුරකට අනුව ඊයේ (28) සවස මෙම වැටලීම කර තිබෙන අතර කතරගම නගරය ආසන්නයේ ඇති අදාළ කපුමහතාගේ නිවස පරික්ෂා කිරීමේදී සෙන්ටිමීටර් 94 ක් හා සෙන්ටිමීටර් 101.5 දිග මෙම ඇත් දල යුගල සොයා ගත් බව වනජීවී නිලධාරීන් පවසා තිබුණා.

එමෙන්ම අදාළ ඇත් දල යුගල ළග තබා ගැනීම සදහා සකස්කර තිබු ව්‍යාජ සහතිකපත් කීපයක්ද වනජිවි නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් කතරගම වනජීවී නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.