Recent Posts Widget

May 26, 2020

SriGift


විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීමට අවධානය යොමු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

නාවික හමුදාවේ කොරෝනා පොකුර විසඳා නැති තත්වයක් යටතේ විශාල වශයෙන් විදේශ රටවල සිට පුද්ගලයන් පැමිණීම ගැටලුවක් ඇති කළ හැකි බව ද ඔහු පවසයි.

එනිසා ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි සිට මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීමට තීරණයක් ගැනීමට සිදු වනු ඇති බවද ඔහු අවධාරණය කරයි.

මේ වන විට විදේශයන්හිදී සිට පැමිණි විශාල පිරිසක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර දැනට වැඩි පිරිසක් සිටින්නේ නාවික හමුදාවේ සහ විදේශයන්හි සිට පැමිණි කොරෝනා ආසාදිතයන් ය.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.