Recent Posts Widget

July 13, 2020

SriGift


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුරේ සියලු ආශ්‍රිතයන් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම සියලුම ආඹ‍්‍රීතයන් ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනයට යොමුකර ඇති බවත් රෝගී ලක්ෂණ ඇති අය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් යුද හමුදාපතිවරයා කියා සිටී.

රට තුල ඔ්නෑම අවස්ථාවක කොරෝනා රෝගියෙකු හමුවුවහොත් වහා කඩිනම් ප‍්‍රතිචාර දැක්වීම සදහා බුද්ධි අංශ පැය 24 පුරා ස්ථානගත කර ඇතැයිද ඔහු පැවසීය.

පවතින තත්වය යටතේ කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන්ම පාලනයට යටත් කර අවසන් නිසා රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව ද ඔහු සඳහන් කළේ ය.

ඉදිරියේදී ඇතැම් ප්‍රදේශවල තවත් ආසදිතයන් කිහිප දෙනෙකු හමු වීමට හැකියාව ඇතත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග දැනටමත් මූලික වශයෙන්ම ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පල කලේය කන්දකාඩු කොරෝනා පොකුරේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී ප්‍රතිචාර දක්වමිනි.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.