උණවටුන උප දුම්රියපොල තාවකාලිකව වසා දැමේ – කොරෝනා රෝගියෙක් දුම්රිය ස්ථානාධිපතිගේ මිතුරෙක්
උණවටුන උප දුම්රියපොල ස්ථානය අද දිනයේ තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට හබරාදුව ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔහු උණවටුන උප දුම්රියපොලේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව එම පියවර ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ උප දුම්රියපොල ස්ථානාධිපතිවරයා මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර, එහි වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ
Post a Comment